ආණ්ඩුව විවේචනය කිරීම හේතුවෙන් සියත ටෙලි වැකිය රචනා කරන මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේට එරෙහිව මේ වනවිට පාරලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ආණ්ඩු පාර්ශ්වයෙන් පැමිණිල්ලකුත් ඇවිත්.
ඒ යෝජනාව දැන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් යොමු කරන්න වරප්‍රසාද කමිටුව තීන්දු කරලා.
එහෙම තියෙද්දි පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොදම පුවත් සමාලෝචනය ලෙස සියත ටෙලි වැකිය සම්මාන දිනනවා.
මේ ඊට පසුදින සියත ටෙලිවැකිය තබා තිබූ සටහන.
එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වුණේ බොහෝ පත්තර සහ රූපවාහිනී නාලිකා මේ මර්දනය හමුවේ නිහඩව සිටියදී ‘මව්රට’ සහ ‘සිරස’ ඇතුලු මාධය කිහිපයක් ඊට එරෙහිව සටන් කළ බව එහි සටහන්ව තිබීමය.






