Home Local News Room : කෝටි 30ක් වියදම් කරලා මහින්දලා බත්තරමුල්ලේ හදපු සඳුන් උයනේ...

News Room : කෝටි 30ක් වියදම් කරලා මහින්දලා බත්තරමුල්ලේ හදපු සඳුන් උයනේ ජනාධිපති මන්දිරයයි ජනාධිපති ලේකම් කාර්යාලයයි හදන්න රනිල් තීන්දු කරයි!

3
0

රුපියල් කෝටි තිහක මුදලක් වැය කරමින් සකස් කළ ජාතික ‘සඳුන් උයන’ පිහිටි භූමියේ නව ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම්  කාර්යාලය ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යටතේ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වෙනත් සංවර්ධන ව්‍යාපෘතියකට යොදා ගැනීමට තීරණය කර ඇති බැවින් නව ජනාධිපති මන්දිරයක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයක් ඉදිකිරීමට තීරණය වී ඇත.

ඒ සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නයේ අක්කර නවයක සකස් කළ ජාතික සඳුන් උයන භූමිය සුදුසු බව පොලිස්පති චන්දන වික්‍රමරත්නද නිර්දේශ කර තිබේ.

ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇත.

ජාතික සඳුන් උයන භූමියට ආසන්නයේ පිහිටි තවත් ඉඩමක අගමැති කාර්යාලය, අගමැති නිල නිවස ඉදිකිරීමටද තීරණය වී ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ඒ ආසන්නයේ පිහිටි තවත් ඉඩමක අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඉදිරිකිරීමට ඇති හැකියාවද සොයා බලන ලෙස ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබේ.

මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණ අධ්‍යයනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායකට දැනුම් දී තිබේ. -අරුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here