Home Local News Room : දැන් නම් බීලා එලවලා අහුවුණොත් පොලිස් ඇප නම් නෑ!...

News Room : දැන් නම් බීලා එලවලා අහුවුණොත් පොලිස් ඇප නම් නෑ! කෙළින්ම කූඩුවේ! ඊටපස්සේ උසාවි! වාහනේ ගන්නත් බෑ!

2
0

බීමත් රියැදුරන් සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ පොලිස් ඇප ලබා දීමේ ක්‍රමය අත්හිටුවීමට පොලිසිය තීරණය කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙතෙක් පොලිස් මූලස්ථානාධිපතිවරුන්ට සහ ස්ථානාධිපතිවරුන්ට බීමත් රියැදුරන්ට පොලිස් ඇප ලබා දීම සදහා පැවැති අනුමැතිය අහෝසි වනු ඇත.

රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම රථවාහන ස්ථානාධිපතිවරුන් කැදවා සිදු කරන ලද වාචික දැනුම්දීමකදී පෙන්වා දී ඇත්තේ අත්අඩංගුවට ගන්නා බීමත් රියැදුරන් හට මින් මතුවට පොලිස් ඇප ලබා නොදී ඍජුවම අධිකරණයට යොමු කිරීමට පියවර ගත යුතු බවකි.

මීට පෙර තුන්වන පාර්ශ්වයකට වාහනය නිකුත් කිරීමේ හැකියාව පැවතුණද එයද මේ වනවිට අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here