Home Local News Room : මම බයවෙන්නේ නෑ! නීතීඥ සංගමයේ අලුත් සභාපති වැඩබාරගනිමින් අගවිනිසුරු...

News Room : මම බයවෙන්නේ නෑ! නීතීඥ සංගමයේ අලුත් සභාපති වැඩබාරගනිමින් අගවිනිසුරු ඉදිරියේ පොරොන්දුවක් දෙයි!

2
0

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වන්නේනම් ඒ පිළිබඳව නොබියව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ  නීතිඥ, කෞෂල්‍ය නවරත්න මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ, 2023-2024 වසර සඳහා නව සභාපති ධුරයේ වැඩ කටයුතු නිල වශයෙන් අරඹමිනි.

කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්වුණේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට නීතිපති සංජය රාජරත්නම්, නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යන මහත්වරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පිරිසක් එක්ව සිටියහ.

නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙසත් නීතිඥ ඉසුරු බාලපටබැඳි මහතා එම සංගමයේ ලේකම් ලෙසත් 2023-2024 වසර සදහා තේරී පත් වුණේ පසුගිය ජනවාරි මස පැවති නිලවරණයේදී නිතරගයෙනි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයෙන් අද (25) ඉවත්ව යන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාට මෙහිදී විශේෂ සමරු තිළිණයන් ප්‍රදානය කෙරුණේ අගවිනිසුරුවරයා විසිනි.

ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට පත්වුයේ 2021 පෙබරවාරි 24 වැනිදා පැවති නිලවරණයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් වන අතර  ඒ නීතිඥ සංගමයේ 26 වැනි සභාපතිවරයා ලෙසයි.

වසර 2 ක ඔහුගේ ධුර කාලය මෙරට නීති ක්ෂේත්‍රයට පෙර නොවු විරු අභියෝගාත්මක කාලයක් වූ අතර රටේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට නීතිඥ ප්‍රජාවට නායකත්වය දෙමින් ඒ අභියෝගාත්මක කාලය තුළ සාලිය පිරිස් මහතා දුන් නායකත්වය ප්‍රශංසනීය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here