Home Local News Room : මහණ වෙන්න යනවා කිව්වාම එපා තමයි කිව්වේ! ඒත් මම...

News Room : මහණ වෙන්න යනවා කිව්වාම එපා තමයි කිව්වේ! ඒත් මම ආවා! උදේ 9.30ට මහණ වුණේ! හොඳටම කඳුලු ආවා! නංගිලා මල්ලිලා මම බෑග් පැක් කරන කොට හොඳටම ඇඬුවා! මම ඉතින් ආවා! උඩුගම ශාන්තරතන පොඩි හාමුදුරුවනේ…! ඔබවහන්සේ දැන් හොඳින් පන්සලේ කම්පියුටර් ඉගෙන ගන්නවලු නේද හාමුදුරුවනේ…! සතුටුයි…! ඉඳලා හිටලා ගිහින් අර ඔබවහන්සේ එනකොට අඬපු නංගිලා මල්ලිලා බලලා එන්න…! VIDEO

6
0

උඩුගම ශාන්තරතන හිමි තවමත් ඉන්නේ පුංචි වියේ….

උන්වහන්සේ සිය මව්දෙමව්පියන් හා සහෝදර සහෝදරියන්ගේ උණුසුමෙන් මිදිලා පන්සලට ඇවිත් මහණදම් පුරන්න හිතුවෙ සිය කැමැත්තෙන්මයි….

හැබැයි ඒ එද්දි උන්වහන්සේගේ අම්මා තාත්තගේ විතරක් නෙමෙයි නංගිලා මල්ලිලාගේ ඇස්වලත් කදුලු පිරිලා තිබුණා….

ඒත් ගිහිගෙයි දුක පුංචිකාලෙම තේරුම් ගත්තු උන්වහන්සේ ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට ගන්නෙ නැතිව පුංචිකාලෙ ඉදන් හැදිලා වැඩුණු ගෙදරයි, මව්දෙමව්පියන්ගේ සෙනෙහසයි, නංගිලා මල්ලිලාගේ ආදරයයි අතෑරලා මහනුවර ප්‍රිම්රෝස් උයනේ පිහිටි වජිරාරාමයේ මහණ වෙන්න ආවා…

දැන් උන්වහන්සේ මහණදම් පුරණවා..

ඒ අතරෙ දවසින් දවස ජීවිතයට තවත් අලුත් දේවලුත් එකතු කරගන්නවා….

ඒ එකක් තමයි පන්සලේ පටන් අරන් තියෙන තොරතුරු තාක්ෂණ විෂය ඉගෙනගන්න එක..

මේ තොරතුරු තාක්ෂණ දැනුම රටේම ඉන්න සිසු දරුවන්ට නොමිලේ උගන්වන එක කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කොට ඇති DP කෝඩින් පාසල යටතේ ක්‍රියාත්මක තවත් එක් ප්‍රජා සත්කාරයක්…

දැන් උන්වහන්සේ සහෝදර උන්වහන්සේලා සමග හරිහරියට ‌දහම් දැනුම වගේම තොරතුරු තාක්ෂණ දැනුමත් ඉගෙන ගන්නවා…

ඒකට අපිටත් හරි සතුටුයි..

හැබැයි හාමුදුරුවනේ ඔය ඉගෙන ගන්න අතරවාරයේම පුලුවන් නම් ගිහින් අර අම්මයි තාත්තයි නංගිලා මල්ලිලායි බලලා එන්න…

මොකද නංගියි මල්ලියි තාමත් ඔබවහන්සේ එනකම් ඇස්වල කදුලු ‌පුරෝගෙන බලන් ඉන්නවා අල්ලන සෙල්ලම් කරන්න…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here