Home Local News Room : විමල්-ගම්මන්පිල යළි රාජපක්ෂලා ගාවට ගන්න රහස් සාකච්ඡා ඇරඹේ! EXCLUSIVE

News Room : විමල්-ගම්මන්පිල යළි රාජපක්ෂලා ගාවට ගන්න රහස් සාකච්ඡා ඇරඹේ! EXCLUSIVE

3
0

මේ සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප තවත් විශේෂ රහසක් රටට හෙළිකිරීමට සූදානම්ය. ඒ, පොහොට්ටු පක්ෂය නිර්මාණය කරද්දී ඊට ඉහළ දායකත්වයක් ලබාදුන් ප්‍රබල චරිත ලෙස සැලකූණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි කණ්ඩායම්ද නැවත මහින්දට එකතු කරගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් තිරය පිටුපස දියත් වී ඇති බවය.

තිරය පිටුපස මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී ඊට සහභාගි වූ පිරිස් පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී ජාතික තලයේ මාතෘකා කිහිපයක්ම මතුවීමට නියමිතව ඇති බැවින් විමල්, ගම්මන්පිල ඇතුළු කණ්ඩායමේ සේවය ඉදිරියේදී රාජපක්ෂ පාර්ශ්වයට අත්‍යාවශ්‍ය යැයි කියාය.

විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය වැනි කටයුතු රැසක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බැවින් විමල්ලාගේ හඬ රාජපක්ෂ කඳවුරේ තිබිය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත් විමල් සහ ගම්මන්පිල මහින්දගේ විජේරාම නිල නිවෙසේදී මහින්ද සමග සාකච්ඡා කළාද යන්න තහවුරු කිරීමට 100%ක් නිල තොරතුරු අප සතුව නැතත්, ඊට දැරූ උත්සාහයන්, ඒ සම්බන්ධයෙන් කෙරුණු සාකච්ඡා, හුවමාරු කරගත් කරුණු, එම සාකච්ඡා ආරම්භ කළ පුද්ගලයන් යනාදිය සම්බන්ධයෙන් නිල නොවන තොරතුරු රැසක් ‘රාජ්‍ය රහස්’ තීරය සතුය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලදී ආණ්ඩුව අධිකරණය සමග නිර්මාණය කොට ගෙන ඇති ගැටුම පිළිබඳවද අදහස් හුවමාරු වී ඇති බවක්ද නිල නොවන තොරතුරුවලින් ආරංචිය.

රාජ්‍ය රහස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here