ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගේ ධුර කාලය හෙටින් (25) අවසන් වේ.
ඒ පසුගිය 2021 වසරේ පෙබරවාරි 24 වනදා පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමි.
ඔහුගේ වසර දෙකක ධුර කාලය හෙටින් අවසන් වන අතර නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ කෞෂල්‍ය නවරත්න තේරීපත්ව තිබේ.
හෙට දින පැවැත්වෙන ඡන්ද විමසීමේදී අනෙකුත් සභික ධුර පත් කරගැනීමට නියමිතය.
ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කටයුතු කරනු ලැබූවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වෙනි සභාපතිවරයා ලෙසය.







