කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (25) පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා, මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා යන බල ප්‍රදේශවලට, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සදඟන් කරයි.
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.






