හෝමාගම පිටිපන මංසන්දිය අසළ මුල්ගලක් තැබීමේ අවස්ථාවට එක් වූ ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධනට හූ කියා විරෝධය දැක්වීම හේතුවෙන් පාසල් දරුවෙකුගේ පියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (23) පෙරවරු 10.00ට පමණ මෙම මුල් ගල තැබීමේ උත්සවය සංවිධානය කිරීමට මීට පෙර සංවිධායකයින් කටයුතු සූදානම් කර ඇතත් ජනතා විරෝධය එල්ලවෙතැයි ඇති වූ බිය හේතුවෙන් එම උත්සවය පාන්දර 6.30ට සූදානම් කරන ලෙස ඇමති බන්දුල ගුණවර්ධන දැනුම් දී ඇත. ඒ අනුව එම මුල් ගල තැබීමේ උත්සවය අද (23) අළුයම 6.30ට සූදානම් කර ඇති අතර ඊට සහභාගී වීම සඳහා ඇමති බන්දුල ගුණවර්ධන පැමිණ තිබේ. එහෙත් එම අවස්ථාවේ තම දරුවා පාසලට ඇරලීම සඳහා පිටිපන මංසන්දියට පැමිණ සිට පියෙකු ඇමතිවරයා පැමිණ මුල් ගල තැබීමට සූදානම් වන බව දැක ඔහු තනියම ඇමතිවරයාට විරෝධය දක්වමින් හූ කියා තිබේ.
පසුව ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දිවා කාලයේ පැමිනි පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.
හෙට (24) දින ඔහු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.






