Home Local News Room : ශ්‍රී ලංකන් ඇතුළු රාජ්‍ය ආයතන 07ක් විකිණීමට අනුමැතිය –...

News Room : ශ්‍රී ලංකන් ඇතුළු රාජ්‍ය ආයතන 07ක් විකිණීමට අනුමැතිය – Lanka Truth | සිංහල

4
0

රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය ‍වෙනත් පාර්ශව වෙත පැවරීම සඳහා අනුමැතිය හිමිවූ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් මෙම ගනුදෙනු විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීම සඳහා සුදුසු ආයෝජකයන් තෝරාගැනීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍යවල දැන්වීම් පළකිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව,

01 :- ශ්‍රී ලන්කන් ගුවන් සමාගම (ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ඇතුළු)
02 :- ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
03 :- සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
04 :- කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (කොළඹ – ග්‍රැන්ඩ් හයට්)
05 :- හොටෙල් සංවර්ධන ලංකා සමාගම (කොළඹ හිල්ටන් හෝටලය)
06 :- සී/ස ලිට්‍රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම
07 :- ලංකා හොස්පිටල් සංස්ථා පී.එල්.සී.

යන ආයතන මෙලෙස විකිණීමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here