Home Local News Room : තානාපති මහින්ද අමෙරිකාවේ ඉඳන් ලොකු වැඩක් කරලා! තානාපති කාර්යාලය...

News Room : තානාපති මහින්ද අමෙරිකාවේ ඉඳන් ලොකු වැඩක් කරලා! තානාපති කාර්යාලය හරහා මේ වෙද්දි බිලියන 10ක බෙහෙත් ලංකාවට එවලා!

5
0

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සුප්‍රසිද්ධ ඇමරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන කීපයක් සමඟ එක්ව කටයුතු කරමින්, ජූලි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවට නොමිලේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සැපයීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ ඇත. මේ වන විටත් එවැනි ආධාර තොග අටක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යවා ඇත. එම තොග 8 හි මුළු වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 27 කි. වත්මන් විනිමය අනුපාතිකය අනුව මෙය ශ්‍රී ලංකා රුපියල් බිලියන 10කට ආසන්න අගයකි.

පසුගිය වසරේ ඇමරිකානු පරිත්‍යාගශීලී සංවිධාන සමඟ සම්බන්ධ වූ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා, දැඩි අවශ්‍යතා ඇති ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් සඳහා දක්වන ලද පරිත්‍යාගශීලීත්වය වෙනුවෙන් Heart to Heart International, Hope Worldwide සහ Americares යන ආයතන වෙත තම හෘදයාංගම කෘතඥතාව පළ කරන ලදී. අවදානමට ලක්විය හැකි ජන කොටස් වෙනුවෙන් තවදුරටත් ආධාර ලබාගැනීම සඳහා මානුෂීය සංවිධාන සහ නියෝජිතායතන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට තානාපතිවරයා අදහස් කර සිටී.

2022 ජූලි මාසයේ සිට, Heart to Heart International විසින් ඇමරිකානු ඩොලර් මිලියන 23කට වඩා වටිනා ආධාර තොග හතරක් ද, Americares විසින් ඇමරිකානු ඩොලර් 853,000කට වඩා වටිනා ආධාර තොග තුනක් ද යවා ඇති අතර, ගැබිණි කාන්තාවන්ට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක අතිරේකද එහි අඩංගු විය. Hope International විසින් යවන ලද අවසන් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 2.7 ඉක්මවයි. නැව්ගත කිරීම් භාර ගන්නා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ලබන්නන් සහ දේශීය ගමනාන්තයන් සඳහන් කරමින් සවිස්තරාත්මක බෙදාහැරීමේ වාර්තා පරිත්‍යාගශීලීන් වෙත ලබා දෙනු ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

වොෂින්ටන් ඩී.සී.

2023 මාර්තු 21

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here