Home Local News Room : ඡන්දෙට සල්ලි නොදී මුදල් ලේකම් නඩු 2ක් දාගනී! එකක්...

News Room : ඡන්දෙට සල්ලි නොදී මුදල් ලේකම් නඩු 2ක් දාගනී! එකක් සජබෙන්! අනෙක ජාජබෙන්! අද ෆයිල් කළා!

4
0

අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි තීන්දු කොට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සමක් ගොනු කර තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම පෙත්සම ඉදිරිපත් කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසර සඳහා අයවැයෙන් වෙන්කරන ද මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝග වලට අනුකූලව කටයුතු නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි තීන්දු කරන ලෙස එම පෙත්සමින් ඉල්ලා තිබේ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද එවැනිම පෙත්සමක් අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here