Home Local News Room : අලුත් ඇමැතිකම් ගැන රනිල්-මහින්ද-දිනේෂ් සාකච්ජාවක්! නාමල්ට-රෝහිතට-ජොනීට-මහින්දානන්දට ඇමැතිකම් නෑ! මුදල්...

News Room : අලුත් ඇමැතිකම් ගැන රනිල්-මහින්ද-දිනේෂ් සාකච්ජාවක්! නාමල්ට-රෝහිතට-ජොනීට-මහින්දානන්දට ඇමැතිකම් නෑ! මුදල් ඇමැතිකමත් රනිල්ගෙන් ‌ගැලවෙයි!

0
0

කැබිනට් මණ්ඩලයට අලුත් පත්කිරීම් පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු සිවු දෙනකුට ඇමැතිධුර නොදීමට එකඟතාවට පැමිණ ඇත.

එම සිව්දෙනා වන්නේ නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධනය.

මීට අමතරව දැනට ඇමැතිධුර දරන ඇතැම් මන්ත්‍රිවරුන්ගේ විෂය පථයන්ද වෙනස් වන අතර මුදල් ඇමැතිධුරයද වෙනස් වීමට නියමිතය.

විසි එක්වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති එක් වගන්තියක් වන්නේ ආරක්ෂක ඇමැති ධුරය හැර වෙනත් ඇමැති ධුරයන් දැරීමට ජනපතිට නොහැකි බවය.

ඒ අනුව දැන් ජනපතිවරයාට මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති ඇමැති ධුරය දැරීමට නොහැකිය. එම නිසා දැනට විදේශ කටයුතු ඇමැති ධුරය හොබවන අලි සබ්රි මන්ත්‍රිවරයා මුදල් ඇමැති ධුරයට යළි පත් කිරීමට යෝජනා වී තිබේ.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීමට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම මුදල් ඇමැතිවරයාට පැවරෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here