එසේම, මෙරට පාතාලය හා බැඳුණු ක්‍රියාකාරීන් දෙදහසකට ආසන්න පිරිසක් සිටින බවo රජයේ බුද්ධි අංශ සොයෙගෙන ඇති බව පැවසේ.
මේ අතර, පාතාලයට සම්බන්ධ අය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.
පාතාලයට සම්බන්ධ අය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට තොරතුරු හෙළිවූ පොලිස් නිලධාරීන් හය දෙනකු සම්බන්ධයෙන් ද විමර්ශන පැවැත්වීමට ඒ පිළිබඳ තොරතුරු පොලිස් විශේෂ විමර්ශන අංශයට පසුගිය සතියේ දී යොමු කළ බවද ඒ මහතා හෙළිකර ඇත.
පාතාලය සහ විවිධ ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වී කටයුතු කරන පොලිස් නිලධාරීන් ගැන සෙවීමට බුද්ධි අංශ යොදවා ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටී.
බුද්ධි තොරතුරු මත කල්පිටිය ඇතුළු ඇතැම් පොලිසිවල සියලු නිලධාරීන් පසුගිය දිනවල මාරු කළ බවද ඔහු හෙළිකර තිබේ.
-srilankamirror







