Home Local News Room : අයතුල්ලා කුමේනිට අවසන් ගෞරව දෙන්න නි. කතානායක හා මන්ත‍්‍රී...

News Room : අයතුල්ලා කුමේනිට අවසන් ගෞරව දෙන්න නි. කතානායක හා මන්ත‍්‍රී හකීම් ඉරානයේ! ~

0
0
ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඉරානයේ ටෙහෙරාන් නුවර බලා පිටත්ව ගොස් තිබේ.

නියෝජ්‍ය කථානායකවරයා මෙම සංචාරයට එක්වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියෝජනය කරමිනි.

අලි ඛමේනි මහතාගේ අවමංගල්‍ය උත්සවය එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා ඉරාන අගනුවර වන ටෙහෙරාන්හිදී උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතය.

86 වැනි වියේ පසුවූ අයතුල්ලා අලි ඛමේනි පසුගිය පෙබරවාරි 28 වැනිදා ජීවිතක්ෂයට පත් විය.

ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය ආරම්භ කළ යුද්ධයේ පළමු දිනයේදී, ඔහුගේ නිල නිවාස සංකීර්ණය ඉලක්ක කරගනිමින් එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් මෙම මරණය සිදුවිය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here