📌 සිද්ධියට හේතුව:
පසුගිය ජුනි 19 වනදා නීතීඥ නලින් බණ්ඩාර විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී සභාපතිවරයාට එරෙහිව අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ සිදු කිරීම සහ එම ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම.
📌 එල්ල වූ අසත්‍ය චෝදනා මොනවාද?
හිටපු ජනාධිපති ලේකම් සුගීෂ්වර බණ්ඩාරට එරෙහිව පැමිණිලි කර ඇත්තේ ඇන්ටන් පෙරේරා මහතා බවට ප්‍රකාශ කිරීම.
පශු සම්පත් අමාත්‍යාංශය, ඕස්ට්‍රේලියානු කිරිගව ව්‍යාපෘතිය සහ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතන 3ක එකවර තනතුරු දරමින් අනීතික ලෙස වැටුප් 3ක් ලබාගත් බවට චෝදනා කිරීම.
📌 සභාපතිවරයාගේ ප්‍රතිචාරය:
තමන් සුගීෂ්වර බණ්ඩාරට එරෙහිව කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවත්, මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ද්වේශ සහගත ඒවා බවත් ඇන්ටන් පෙරේරා මහතා පවසයි. නීතීඥ සම්පත් යාලෙවත්ත මහතා මඟින් මීට පෙර යොමුකර තිබූ එන්තරවාසි සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මෙලෙස නීතිමය පියවර ගෙන ඇත.
මේ පුවත තව අයට බලන්න







