ඉන්දියාවේ ප්‍රසිද්ධ අධ්‍යාත්මික නායකයෙකු වන ආචාර්ය ධිරේන්ද්‍ර ක්රිෂ්ණ ශාස්ත්‍රි මහතා (19) දින ඓතිහාසික නුවරඑළිය සීතාඑළිය ශ්‍රී සීතාඅම්මන් කෝවිලට පැමිණ විශේෂ පූජාවන්ට සහභාගී විය.
කෝවිලට පැමිණි අධ්‍යාත්මික නායකයාව, සීතාඅමම්න් කෝවිලේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධක්‍රිෂ්ණන් මහතා ඇතුළු කෝවිලේ පාලක සභාව විසින් රන් ඇඳුමක් සහ මල්මාලාවක් පැළඳවමින් පිළිගනු ලැබීය.
මෙයින් පසු, කෝවිලේ විශේෂ පූජා පවත්වන ලද අතර පැමිණි බැතිමතුන්ට ආහාර බෙදා දෙන ලදී. ඊට අමතරව, ආචාර්ය ධිරේන්ද්‍ර ක්රිෂ්ණ ශාස්ත්‍රි මහතාට සීතාඅම්මන් කෝවිලේ විශේෂ සාටකයක් සහ සිහිවටනයක් පිරිනමන ලදී.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය (රාමායණ මංපෙත) ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක කොටසක් ලෙස අධ්‍යාත්මික නායකයා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. (18) දින උදෑසන රම්බොඩ ශ්‍රී හනුමාන් කෝවිලට ගොස් විශේෂ යාඥාවල නිරත වීමෙන් පසු ඔහු (19) දින සීතායම්මන් කෝවිලට පැමිණීයේ.
– රංජිත් රාජපක්ෂ
මේ පුවත තව අයට බලන්න







