හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා අධිකරණයට යෑමේ සූදානමක් පවතින බවත්, එය හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියකට එරෙහිව යාමක් බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවින්දු කුරුකුලසූරිය මහතා පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, අතීතයේදී සිංගප්පූරු ක්‍රමය මෙරට තුළ ස්ථාපිත කිරීමට උනන්දු වූ පාර්ශ්වයන්ගේ වර්තමාන නිහඬතාවය සැකසහිත බවයි.
උවින්දු කුරුකුලසූරිය මහතා මතු කරන ප්‍රධාන කරුණක් වන්නේ ලී ක්වාන් යූ පාලන සමයේ හොරුන්ට සහ දූෂිතයන්ට සියදිවි නසා ගැනීමට උපදෙස් දුන් බව පවසමින් දේශපාලනික වශයෙන් බලපෑම් කළ පිරිස්, අද වන විට එම දැඩි දඬුවම් ක්‍රමයට පක්ෂපාතීව කටයුතු කරන්නේ දැයි ඔහු ප්‍රශ්න කිරීමයි. රටට අවශ්‍යව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සහ විනිවිද පෙනෙන අධිකරණ ක්‍රියාවලියක් බවත්, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව අත්තනෝමතික පාලන ක්‍රම ඉල්ලූ පිරිස් දැන්වත් එහි ඇති බරපතලකම තේරුම් ගත යුතු බවත් ඔහු අවධාරණය කරයි.
රාජපක්ෂවරයා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නීතියේ ආධිපත්‍යයට බාධා ඇතිවන බව ඔහුගේ අදහසයි.තවදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, අතීතයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ සිංගප්පූරු ක්‍රමයක් අපේක්ෂා කළ පිරිස්, අද එම පාලකයාට නීතියෙන් බේරීමට ඉඩ ලබා දීම උත්ප්‍රාසාත්මක බවයි.
ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු දෙනා මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත්, නීතිය කාටත් සමාන විය යුතු බවත් උවින්දු කුරුකුලසූරිය මහතා තම සටහනින් වැඩිදුරටත් කියා සිටියි.
මේ පුවත තව අයට බලන්න







