Home Local News Room : තව ලොක්කෙක් ඉල්ලා අස්වේ..

News Room : තව ලොක්කෙක් ඉල්ලා අස්වේ..

5
0

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති ධුරය හෙබවූ රවී නිශ්ශංක මහතා එම තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති අතර, ඊට අදාළ නිල ලිපිය ද දැනටමත් භාර දී ඇති බව වාර්තා වේ.

තමන් මෙම වගකීමෙන් නිදහස් වන්නේ පෞද්ගලික කාරණා මුල් කරගනිමින් බව ඔහු ප්‍රකාශ කර ඇත. 

අද (29) දින සිට බලපැවැත්වෙන පරිදි තමන් සභාපති ධුරයෙන් සමුගන්නා බව සිය සමීපතමයන් වෙත  ඔහුදැනුම් දී තිබේ. 

එමෙන්ම, තමන් ධුරය දැරූ කාලසීමාව පුරාවට ඔවුන් ලබා දුන් දිරිගැන්වීම් මෙන්ම අනුග්‍රහය වෙනුවෙන් ද රවී නිශ්ශංක මහතා සිය කෘතඥතාව පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති කාර්යාලයෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, සභාපතිවරයා අවසන් වරට ඉකුත් බදාදා (මැයි 27) දින සිය රාජකාරි කටයුතු සඳහා කාර්යාලය වෙත පැමිණි බවයි. 

ඉන් අනතුරුව, ඔහු විසින් තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය අදාළ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here