Home Local News Room : ජනපති එන රණවිරු සැමරුමේ පාරවල් වහයි..

News Room : ජනපති එන රණවිරු සැමරුමේ පාරවල් වහයි..

6
0

 

අද දිනයේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට අදාලව පොලිිය විසින් නිකුත් කර ඇති රථවාහන සැලැස්ම.

2026.05.19 අද දින ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව ඇත.

එම කාලසීමාව තුල ක්‍රියාත්මක කිරීමට නියමිත රථ වාහන සැලැස්ම පහත පරිදි වේ.

2026.05.19 වන දින සවස 03.30 සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීම කියැහෑම් හන්දියෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම හා රථවාහන පහත විකල්ප මාර්ග වෙත යොමු කිරීම අවස්ථානුකූලව සිදු කරනු ලබයි.

විකල්ප මාර්ග :-

පාර්ලිමේන්තු මාර්ගය හරහා කොළඹ සිට පිට වීමට පැමිණෙන වාහන පොල්දූව හන්දියෙන් බත්තරමුල්ල, පාලන්තුන, කියැන්නෑම් හන්දිය හරහා ගමන් කිරීමට හැකියාව ඇත.

– කියැන්නෑම් හන්දියෙන් කොළඹට ඇතුළුවන වාහන පාලන්තුන, බත්තරමුල්ල හරහා ගමන් කිරීමට හැකියාව ඇත.

රජමල්වත්ත දෙස සිට බෝධිරාජ මාවත ඔස්සේ පැමිණෙන වාහන බත්තරමුල්ල මාර්ගයට පැමිණ අවශ්‍ය මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හැකියාව ඇත.

බස් රථ හා ට්‍රක් රථ ගාල් කිරීම :-

ජපන්මිත්‍රත්ව පාර හන්දියේ සිට කිඹුලාවල හන්දිය දක්වා.

ජපන්මිත්‍රත්ව පාර විදුලිබල මණ්ඩලය අසල සිට පැලවත්ත හන්දිය දක්වා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here