Home Local News Room : ජයකොඩිගේ කීර්තියත් ඩැමේජ් වෙලා.. ප‍්‍රසාද්ගෙන් කෝටි පනහක් ඉල්ලයි..

News Room : ජයකොඩිගේ කීර්තියත් ඩැමේජ් වෙලා.. ප‍්‍රසාද්ගෙන් කෝටි පනහක් ඉල්ලයි..

0
0

 මාධ්‍ය හමුවකදී තමන්ට එරෙහිව පදනම් විරහිත මූල්‍ය චෝදනා එල්ල කළ ප්‍රසාද් සිරිවර්ධන මහතාට එරෙහිව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් එන්තරවාසියක් යොමු කර තිබේ. 

නීතිඥ සම්පත් යාලේවත්ත මහතා හරහා යොමු කර ඇති මෙම ලිපිය මගින් තමන්ට සිදු වූ කීර්ති නාම හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ඇත.

පසුගිය මාර්තු 22 වනදා පවත්වන ලද මාධ්‍ය හමුවකදී, අමාත්‍යවරයා මූල්‍ය අවභාවිතයක නිරත වූ බවට ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් ප්‍රකාශ කර තිබුණි.

වසර 30කට අධික සේවා පළපුරුද්දක් සහිත වෘත්තීය ඉංජිනේරුවරයෙකු වන කුමාර ජයකොඩි මහතා, ගල් අඟුරු ආනයනය පිළිබඳ ස්වාධීන පරීක්ෂණ සඳහා ඉඩ ලබා දීමේ අරමුණින් සිය ධුරයෙන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ අයෙකු බව මෙහිදී අවධාරණය කර ඇත.

අදාළ ප්‍රකාශය හිටපු අමාත්‍යවරයාගේ ගෞරවයට මෙන්ම ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගයේ කීර්ති නාමයට සිතාමතා හානි කිරීමට කළ ප්‍රකාශයක් බව නීතිඥවරයා පෙන්වා දෙයි.

මෙම අපහාසාත්මක ප්‍රකාශය වෙනුවෙන් ඉල්ලා ඇති රුපියල් මිලියන 500 ක මුදල දින 14 ක් ඇතුළත ගෙවා නිම කළ යුතුය. 

එසේ නොවන්නේ නම්, අදාළ වන්දි මුදල නෛතික පොලිය සහ නඩු ගාස්තු ද සහිතව අය කර ගැනීමට අධිකරණය හමුවේ නඩු පවරන බව හිටපු අමාත්‍යවරයා සිය එන්තරවාසිය මගින් අනතුරු අඟවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here