නුවරඑලිය
නානුඔය මංසන්ධියේදි සිදු වූ යතුරුපැදි අනතුරකින්
යතුරුපැදිකරුවන් දෙදෙනාම
තුවාල ලබා නුවරඑලිය දිස්ත්රික්
මහ රෝහල වෙත ඇතුලත් කල බවත්,
ඉන්
එක් යතුරුපැදිකරුවෙකුගේ
තත්වය බරපතල බවයි නුවරඑලිය
පොලිසියේ රථවාහාන අංශයේ
නිළධාරියෙකු කියා සිටියේ.
හැටන්
සිට නුවරඑලිය දක්වා ධාවනය වු
යතුරුපැදිය අපරික්ෂාකාරි
ලෙස නානුඔය මංසන්ධියෙන් බදුල්ල
දෙසට හැරවීමට උත්සහ කිරිමෙදි
වැලිමඩ සිට නුවරඑලිය නගර දක්වා
ධාවනය වූ යතුරුපැදියක් ගැටී
මෙම අනතුර සිදු වී ඇති
බවයි අනතුර පිලිබද පරික්ෂණ
පවත්වන නුවරඑලිය පොලිසියේ
රථවාහන අංශයේ නිළධාරියෙකු
කියා සිටියේ.
අනතුරින්
යතුරුපැදි දෙකටද දැඩි ලෙස
අලාභ හානි සිදු වී ඇති බවත්,
හැටන්
සිට නුවරඑලිය දක්වා ධාවනය වූ
යතුරුපැදිකරුගේ තත්වය බරපතල
නිසා ඔහු නුවරඑලිය දිස්ත්රික්
මහ රෝහලේ හදිසි ප්රතිකාර
ඒකකයට ඇතුලත් කර ඇති බවයි
නුවරඑලිය පොලිසියේ නිළධාරියෙකු
කියා සිටියේ.
– රංජිත්
රාජපක්ෂ







