Home Local News Room : හෝර්මුස් වසා දැම්මා.. යන ඔ්නෑම යාත‍්‍රාවකට දැඩි ක‍්‍රියාමාර්ග..- ඉරානය

News Room : හෝර්මුස් වසා දැම්මා.. යන ඔ්නෑම යාත‍්‍රාවකට දැඩි ක‍්‍රියාමාර්ග..- ඉරානය

0
0

 

හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වන විට වසා දමා ඇති බැවින්, එම මුහුදු සීමාව හරහා ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කරයි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, අද (27) උදෑසන මෙම සීමාව හරහා යාමට උත්සාහ කළ බහාලුම් නෞකා තුනක් නාවික හමුදාවේ අනතුරු ඇඟවීම් හමුවේ ආපසු හරවා යවා ඇත. 

මෙම නෞකා නම් කරන ලද නාවික මංතීරුව ඔස්සේ යාමට උත්සාහ කර තිබුණද, පවතින තත්ත්වය මත ඒවාට අවසර හිමි වී නොමැත.

ඕනෑම ආකාරයක නාවික ගමනාගමනයක් සම්බන්ධයෙන් ස්ථිර සහ දැඩි ප්‍රතිචාර දක්වන බව ඉරාන ආරක්ෂක අංශ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here