වේයන්ගොඩ
සමුපකාර ඉන්ධන පිරවුම්හල
රාත්‍රියේදී වසා දැමීම හේතුවෙන්
උරණ වී,
එහි
සේවකයකුට සහ පොලිස් නිලධාරියකුට
පහර දුන් බව කියන පුද්ගලයෙකු
වේයන්ගොඩ පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරුපැදියකින්
පැමිණි සැකකරු පිරවුම්හලෙන්
පෙට්‍රල් ඉල්ලා ඇති අතර,
එම
අවස්ථාවේදී පිරවුම්හල වසා
ඇති බව පොම්පකරු දන්වා ඇත.
ඉන්ධන
ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත්
සමඟ කෝපයට පත් සැකකරු,
කළමනාකරුගේ
කාමරයට කඩා වැදී එහි සිටි
පොම්පකරුට පහර දී තිබේ.
එම
අවස්ථාවේ පිරවුම්හල අසල ආරක්ෂක
රාජකාරියේ නිරතව සිටි පොලිස්
නිලධාරීන් කණ්ඩායමක් කලහකාරී
ලෙස හැසිරුණු පුද්ගලයා පාලනය
කිරීමට උත්සාහ කර ඇත.
එහිදී
සැකකරු විසින් පොලිස් කොස්තාපල්
රියදුරෙකුගේ මුහුණට ප්‍රබල
පහරක් එල්ල කර ඇති අතර,
පහරදීමෙන්
නිලධාරියාගේ නාසයෙන් රුධිරය
වහනය වී තිබේ.
පහර
කෑමෙන් තුවාල ලැබූ පොලිස්
කොස්තාපල්වරයා වතුපිටිවල
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර
ලබයි.
අත්අඩංගුවට
ගත් සැකකරු බෙම්මුල්ල ප්‍රදේශයේ
පදිංචිකරුවෙකු බව පොලිසිය
තහවුරු කර ඇත.
සිද්ධිය
සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය
වැඩිදුර විමර්ශන පවත්වයි.







