Home Local News Room : ඇමති සමන්තට නඩු..

News Room : ඇමති සමන්තට නඩු..

1
0

තමන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට සහ ස්වාධීන රූපවාහිනී සේවයට එරෙහිව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවරා ඇති වන්දි නඩුව  මාර්තු 20 වන දින කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය. 

2025 ජනවාරි 9 වන දින පවත්වන ලද මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා විසින් කරන ලද කරුණු දැක්වීමක් මෙම නීතිමය ක්‍රියාමාර්ගයට පාදක වී ඇති අතර, අංක DMR/1467/25 යටතේ ගොනු කර ඇති අදාළ පෙත්සම මගින් රුපියල් මිලියන 200ක වන්දි මුදලක් ඉල්ලා තිබේ.

අමාත්‍යවරයා විසින් තණමල්විල ප්‍රදේශයේ පිහිටි තමන්ට අයත් පෞද්ගලික වගා බිමක ඡායාරූප සහ දර්ශන ප්‍රදර්ශනය කරමින්, එම භූමිය හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රක්ෂිතයකට අයත් බවට කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය සහ ද්වේෂ සහගත බව පෙත්සම්කරු පෙන්වා දෙයි. 

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති සහ ‘පත්තරෙන් එහා’ වැඩසටහන හරහා මෙම අපහාසාත්මක ප්‍රකාශ ප්‍රචාරය කිරීමෙන් තමන්ට දැඩි අගතියක් සිදු වූ බව පවසන තෙන්නකෝන් මහතා, අමාත්‍යවරයාගෙන් සහ රූපවාහිනී ආයතනයෙන් රුපියල් මිලියන 100 බැගින් වූ වන්දි මුදලක්ද, නඩු පවරන දින සිට ඊට අදාළ නෛතික පොලියද අය කර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here