Home Local News Room : QR අවුල ලිහයි.. අලුත් ක‍්‍රමය මෙන්න…

News Room : QR අවුල ලිහයි.. අලුත් ක‍්‍රමය මෙන්න…

2
0

 

ජාතික
ඉන්ධන බලපත්‍ර පද්ධතිය
(National
Fuel Pass) හරහා
ඉන්ධන කෝටාව ලබාගැනීමේ
QR
කේත ක්‍රියාවලිය
මේ වන විට සම්පූර්ණයෙන්ම යථා
තත්ත්වයට පත්ව ඇති අතර
,
එය දැනට
ක්‍රියාකාරී මට්ටමේ පවතින
බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය
දැනුම් දෙයි
.

ජාතික ඉන්ධන
බලපත‍්‍ර පද්ධතිය
(National
Fuel Pass) යටතේ
ඉදිරියේදී ඉන්ධන ලබාගැනීමේ
ක‍්‍රියාවලිය විධිමත් කිරීම
සඳහා රථවාහන හිමියන් අනුගමනය
කළ යුතු පියවර
3ක්
පිළිබඳව බලධාරීන් විසින්
අවධාරණය කර තිබේ
.

ඒ අනුව,
තමන් අයත්
වන කාණ්ඩය හඳුනාගෙන ඒ අනුව
QR කේතය
භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට
කටයුතු කරන මෙන් ඉල්ලා සිටියි
.

එහිදී
දැනටමත්
QR කේතයක්
හිමි
, තම
වාහනයේ අයිතිය සහ ලියාපදිංචි
කළ දුරකථන අංකයෙහි කිසිදු
වෙනසක් සිදු නොවූ වාහන හිමියන්ට
,
තමන් සතු
එම පැරණි
QR කේතයම
ඉදිරිපත් කර බාධාවකින් තොරව
ඉන්ධන ලබාගත හැක
.

මීට පෙර
ලියාපදිංචි වී ඇති නමුත්
,
තම QR
කේතය අස්ථානගත
වී හෝ දුරකථනයෙන් මැකී ඇත්නම්
(දුරකථන
අංකය සහ වාහන තොරතුරු නොවෙනස්
නම්
), නැවත
ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ
.
පද්ධතියට
ලොග් වී
(Log-in) ජංගම
දුරකථනයට ලැබෙන
OTP කේතය
මගින් නැවතත් සිය
QR කේතය
ලබාගත ගැනීමේ හැකියාව ඇත
.

මීට පෙර
ලියාපදිංචි නොවූ පුද්ගලයන්
,
තම වාහනය
අලූතින් මිලදී ගත් පුද්ගලයන්
(අයිතිය
වෙනස් වූ
) හෝ
මීට පෙර ලියාපදිංචි කළ දුරකථන
අංකය දැනට භාවිත නොකරන පුද්ගලයන්
පද්ධතියේ අලුතින් ලියාපදිංචි
වීම අනිවාර්ය වේ
.

ඉන්ධන
පිරවුම්හල්වල තදබදය අවම කර
ගැනීමටත්
, කාර්යක්ෂම
සේවාවක් ලබා ගැනීමටත් ඉහත
උපදෙස් නිසි පරිදි පිළිපදින
ලෙස රථවාහන හිමියන්ගෙන් ඉල්ලා
සිටියි
.

මෙම ක්‍රියාවලිය
සම්බන්ධයෙන් පැනනගින ඕනෑම
ගැටලුවක් හෝ අමතර තොරතුරු
දැන ගැනීම සඳහා
1919 ක්ෂණික
ඇමතුම් අංකය ඔස්සේ රජයේ තොරතුරු
කේන්ද්‍රය ඇමතීමට හැකියාව
පවතින බව දන්වා සිටියි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here