මැදපෙරදිග
කලාපයේ පවතින උණුසුම් භූ
තත්ත්වය හමුවේ දේශීය ඉන්ධන
සංචිත සුරක්ෂිත කර ගැනීමේ
පියවරක් ලෙස, රජය
විසින් අද (15) අලුයම
6.00 සිට
ක්‍රියාත්මක වන පරිදි නැවතත්
ජාතික ඉන්ධන බලපත්‍ර (QR)
පද්ධතිය
හඳුන්වා දී ඇත.
මෙම හදිසි
තීරණයත් සමඟ අද උදෑසන සිට
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන
පිරවුම්හල් අසල දිගු වාහන
පෝලිම් දක්නට ලැබුණු බව වාර්තා
වේ.
බලශක්ති
අමාත්‍යාංශය සඳහන් කරන්නේ,
ලෝක වෙළඳපොළේ
ඇතිවිය හැකි බලපෑම් සැලකිල්ලට
ගනිමින් පූර්ව ආරක්ෂණ පියවරක්
ලෙස මෙම ක්‍රමය යළි ක්‍රියාත්මක
කිරීමට තීරණය කළ බවයි.
බලශක්ති
අමාත්‍යාංශය මහජනතාවගෙන්
ඉල්ලා සිටින්නේ අනියත බියක්
ඇති කර නොගන්නා ලෙසත්,
පද්ධතිය
මඟින් නියම කර ඇති සීමාවන්
තුළ ඉන්ධන ලබාගැනීමට සහයෝගය
දක්වන ලෙසත්ය.







