Home Local News Room : ශෂින්ද‍්‍රගේ නඩුවේ විමර්ෂණ අවසන්…

News Room : ශෂින්ද‍්‍රගේ නඩුවේ විමර්ෂණ අවසන්…

0
0

 

හිටපු රාජ්‍ය
අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ
මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව
රුපියල් මිලියන
8.85
වන්දි මුදලක් නීතිවිරෝධී ලෙස
ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා
සම්බන්ධ විමර්ශන කටයුතු අවසන්
කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා
විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට
දැනුම් දී තිබේ
.

මෙම
නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
ලහිරු සිල්වා මහතා ඉදිරියේ
කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම
දැනුම් දීම සිදු කෙරිණි
.

2022 වසරේ
පැවති අරගල සමයේදී සෙවනගල
ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක්
සහ දේපළ කිහිපයක් විනාශ වී
ඇති අතර
,
වෙනුවෙන් අදාළ වන්දි මුදල
ලබාගෙන ඇති බව වාර්තා වේ
.
කෙසේ වෙතත්,
විමර්ශනවලින්
අනාවරණය වී ඇත්තේ අදාළ දේපළ
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට
අයත් ඉඩමක නීතිවිරෝධී ලෙස
ඉදිකර තිබූ ඒවා බවයි
.

නඩු
නිමිත්තට අනුව සැකකරුවන්
විසින් වන්දි පියවීමේ කාර්යාලයේ
(Office for Reparations) නිලධාරීන්ට
බලපෑම් කර
, රුපියල්
8,850,000
මුදලක් වංචනික ලෙස ලබාගෙන
ඇති බවට චෝදනා එල්ල වී ඇත
.

ඉදිරිපත්
වූ කරුණු සලකා බැලූ අතිරේක
මහේස්ත්‍රාත්වරයා
, අදාළ
නඩුව නැවත ජූලි මස
10 වනදා
කැඳවීමට නියෝග කළේය
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here