Home Local News Room : මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ගුටි ඇනගනී.. අයෙක් රෝහලේ…

News Room : මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ගුටි ඇනගනී.. අයෙක් රෝහලේ…

1
0


පාලින්දනුවර
ප්‍රාදේශීය සභාවේ ඊයේ
(03)
පැවති
මාසික රැස්වීම අතරතුර ඇති වූ
නොසන්සුන්කාරී තත්ත්වයක්
හේතුවෙන් තුවාල ලැබූ සමගි ජන
බලවේගයේ මන්ත්‍රීවරයෙකු
ප්‍රතිකාර සඳහා බදුරලිය රෝහලට
ඇතුළත් කර තිබේ
.

ජාතික
ජන බලවේගයට සහය පළ කරන ස්වාධීන
මන්ත්‍රීවරයෙකු
,
නිලධාරීන්ගේ
ක්‍රියාකලාපය පිළිබඳ සිය
අප්‍රසාදය පළ කරමින් සභාවෙන්
පිටව ගොස් ඇත
.

ඔහුට
සහය දක්වමින් සමගි ජන බලවේගය
,
පොදුජන
පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස්
පක්ෂයේ මන්ත්‍රීවරු ද සභා
ගර්භයෙන් බැහැරව තිබේ
.

මෙලෙස
පිටතට පැමිණි මන්ත්‍රීවරුන්
මාධ්‍ය වෙත අදහස් දක්වමින්
සිටියදී
,
සමගි ජන
බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්
දෙදෙනෙකු අතර ආරවුලක් හටගෙන
ඇත
. එය
දුරදිග යාමෙන් සිදු වූ පහරදීමක්
හේතුවෙන් එක් මන්ත්‍රීවරයෙකු
රෝහල්ගත කිරීමට පියවර ගෙන
ඇත
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here