Home Local News Room : තුල්හිරියේ ප‍්‍රධානම ගාමන්ට් එකක් වසා දමයි…

News Room : තුල්හිරියේ ප‍්‍රධානම ගාමන්ට් එකක් වසා දමයි…

0
0

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දුන් නව අපනයන බදු සංශෝධන හමුවේ ඇණවුම් අහිමි වීම හේතුවෙන්, තුල්හිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙරට ප්‍රමුඛ ඇඟලුම් නිෂ්පාදන මධ්‍යස්ථානයක එක් ශාඛාවක් ඊයේ (19 වැනිදා) සිට වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබේ.

අදාළ කර්මාන්තශාලාව මගින් ඇමරිකාව සහ යුරෝපය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදන කටයුතු සිදු කළද, පැනවූ බදු බර නිසා ගැනුම්කාර පාර්ශවයන්ගේ වියදම් අධික විය. 

මේ හේතුවෙන් ඇණවුම් ක්‍රමයෙන් සීමා වූ අතර, පසුගිය මාස කිහිපය තුළ සේවක වැටුප් ගෙවමින් ආයතනය තාවකාලිකව පවත්වාගෙන යනු ලැබීය.

ආයතනය වසා දමන අවස්ථාව වන විට එහි සේවයේ නියුතු 1,400ක පිරිස වෙනුවෙන් රජය නියම කළ වන්දි මුදලට වඩා වැඩි අගයක වන්දි මුදලක් පිරිනැමීමට හා මාස තුනක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාළ ප්‍රසාද දීමනා ගෙවීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

දිවයින පුරා ශාඛා 30ක් පමණ පවත්වාගෙන යන මෙම සමාගම, විදේශයන්හි (ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ ජෝර්දානය) පවතින සිය ශාඛාවල සේවය කිරීමට කැමති සේවකයන් සඳහා ඒ සඳහා අවස්ථාව සලසා දීමට ද එකඟ වී ඇත. 

දැනටමත් සේවකයන්ගෙන් කොටසක් මෙරට පිහිටි අනෙකුත් ශාඛා වෙත අනුයුක්ත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here