Home Local News Room : ජනපති අනුරට කුණුහරුපෙන් බැන්න පස් දෙනෙක් අත්අඩංගුවට..

News Room : ජනපති අනුරට කුණුහරුපෙන් බැන්න පස් දෙනෙක් අත්අඩංගුවට..

0
0

මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට අපහාසාත්මක ලෙස පරුෂ වචනයෙන් බැණ වැදී එම දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහළ කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 17 වනදා කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ආරක්ෂිත පටි නොමැති වීම හේතුවෙන් එය අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට පොලීසිය අවසර ලබා දී නැත. 

එහිදී පොලිස් නිලධාරීන් සහ බස් රථයේ පිරිස අතර උණුසුම් වාදයක් හටගෙන ඇති අතර, එම අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම සඳහන් කරමින් අදාළ පිරිස අසභ්‍ය වචනයෙන් බැණ වැදී එම දර්ශන ජංගම දුරකථන මගින් වීඩියෝ කර ප්‍රසිද්ධ කර තිබේ.

මෙම අශෝභන හැසිරීම පාලනය කිරීමට හෝ ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි මත්තල අධිවේගී පිවිසුම් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත. 

ඒ අනුව ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත්, අනෙක් නිලධාරීන් දෙදෙනා කඩවත සහ කොට්ටාව පොලිස් ස්ථාන වෙතත් මාරු කර යැවීමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here