Home Local News Room : රනිල්ගේ බිරිද මෛත‍්‍රී FCID කැදවයි…

News Room : රනිල්ගේ බිරිද මෛත‍්‍රී FCID කැදවයි…

0
0

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණයකට අදාළව, සාක්ෂි විමසීම සඳහා ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියව එළඹෙන 20 වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා ඇත. 

අතිරේක සොලිස්ටර් ජනරාල් මේ පිළිබඳ කරුණු වාර්තා කරනු ලැබුවේ අද (18) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ය.

මීට සමගාමීව, රාජ්‍ය ප්‍රතිපාදන අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගයකට මුහුණ දී සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද දින ඇප හිමි විය. 

2023 වසරේදී හිටපු ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ නිරත වූ පෞද්ගලික සංචාරයක් සඳහා රජයේ මුදල් වෙන් කිරීමට අනුබල දුන් බවට එල්ල වූ සැකය මත ඒ මහතා මෙතෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here