Home Local News Room : මත්පැන් බෝතලයකින් රුපියල් 2500ක බද්දක්..

News Room : මත්පැන් බෝතලයකින් රුපියල් 2500ක බද්දක්..

1
0

 

අඩු මිලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදෙන බවට රජය පොරොන්දු වූවත් ඉහළ දමා තිබෙන සුරා බද්ද සියයට දහඅටක (18%) වැට් බදු සහ සියයට දෙකයි දශම පහක (2.5%) සමාජ ආරක්ෂණ බද්ද ආදිය නිසා අඩු මිලට මත්පැන් බෝතලයක් ලබාදිය නොහැකි බවත් මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය සඳහන් කරයි.

2024-2025 වසරවලදී ඉහළ දැමූ බදු අඩුකිරීමෙන් පමණක් මත්පැන් මිල පහළ දැමිය හැකි බවත් දැනට අඩු මිලට තිබෙන මත්පැන් බෝතලයක් මගින් රජයට රුපියල් 2500කට අධික බදු ප්‍රමාණයක් ගෙවීමට මත්පැන් නිෂ්පාදන සමාගම්වලට සිදුවී තිබෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.

පසුගිය දිනවලදී මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක ගබඩාවල තිබූ මත්පැන් බෝතලයක් රුපියල් 2220ට වයින් ස්ටෝර්ස් හරහා ලබාදුන් බවද එම බෝතල් දින දෙක තුනෙන් අලෙවි වී අවසන් වූ බවද එම සංගමය සඳහන් කළේය. 

මෙම ඉහළ දමා තිබෙන බදු වර්ග අඩුකරන තුරු අඩු මිලට මත්පැන් බෝතල් නිෂ්පාදනය සිහිනයක් පමණක් බවද එම සංගමය සඳහන් කරයි.

– ශිරාන් රණසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here