Home Local News Room : රජයේ පාසල් තුන්දාහක් පුද්ගලික අංශයට..?

News Room : රජයේ පාසල් තුන්දාහක් පුද්ගලික අංශයට..?

1
0

 

රටේ පවතින පාසල් පද්ධතියේ පාසල් 3000කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයට සහ විදේශීය ආයතන වෙත විකුණා දැමීමේ සූදානමක් පවතින බව ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සදුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විෂය නිර්දේශයන්හි සිදුකෙරෙන වෙනස්කම් පිළිබඳව සමාජය තුළ විවෘත සාකච්ඡා පවත්වන අතරතුර, රජය විසින් ඊට මුවා වී යටින් වෙනත් පටු අරමුණු ඉටු කරගනිමින් සිටින බව ඔහු පෙන්වා දෙයි. 

විශේෂයෙන්ම, පාසල් පද්ධතිය පාසල් පවා විකුණා දැමීමට කටයුතු සූදානම් වෙමින් පවතින බවට ඔහු අනතුරු අඟවයි.

මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙසත්, රජය විසින් සිදු කිරීමට යන මෙම සැඟවුණු ක්‍රියාවලිය පිළිබඳව විමසිලිමත් වන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here