පොතක කුඩා කොටසක් අල්ලාගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව කෑ ගැසූ අය දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා හඬ නගන බව නි. අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
අධ්‍යාපනය විසින් මානවවාදී දේශපාලනඥයකු නොහැදූ නිසා ඔවුන්ට ඒ් දෙස පුළුල් මානවවාදී විවරණයකින් බැලීමට නොහැකි වී ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.
“හැකි නම් කරනු! නොහැකි නම් කෙසේ හෝ කරනු!” යැයි පිදෙල් කස්ත්‍රෝ ප්‍රකාශ කළ බවත් ඒ් අනුව තමන්ද කටයුතු කරන බවත් ටී.බී. සරත් අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ උත්සව සභාවක් අමතමිනි.







