Home Local News Room : ආණ්ඩුවට අත්දැකීම් නෑ.. හැම ප‍්‍රශ්ණයකටම අපට නිවේදන ගහන්න වෙලා..-...

News Room : ආණ්ඩුවට අත්දැකීම් නෑ.. හැම ප‍්‍රශ්ණයකටම අපට නිවේදන ගහන්න වෙලා..- අස්ගිරි අනුනාහිමි

0
0

 

සංවර්ධන නිලධාරීන් වර්තමානයේ මුහුණ දී ඇති වෘත්තීය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සඳහා සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටහ.

එහිදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මුණගැසුණු අවස්ථාවේදී උන්වහන්සේ අදහස් දක්වමින් කියා සිටියේ, වර්තමාන රජය බලයට පත්වූයේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට සාධාරණය ඉටුකරන බවට ප්‍රතිඥා ලබාදෙමින් වුවද, බලයට පත්වීමෙන් පසු ඒ පිළිබඳ සංවේදීතාවයකින් තොරව කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවයි.

බලය ලබාගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළද, පාලනය සම්බන්ධයෙන් පවතින අත්දැකීම් නොමැතිකම වත්මන් තත්ත්වයට බලපා ඇති බව පෙනී යන්නේ යයිද පැවසූ උන් වහන්සේ රටේ වත්මන් ගැටලුකාරී වාතාවරණය හමුවේ මහානායක හිමිවරුන්ට සෑම ප්‍රශ්නයකටම පාහේ මැදිහත් වීමට සිදුව ඇතැයිද පැවසූහ.

විගණකාධිපතිවරයා වැනි තනතුරු පත්කිරීමට පවා මහානායක හිමිවරුන්ට නිවේදන නිකුත් කිරීමට සිදුවන තත්ත්වයක් අද නිර්මාණය වී ඇතැයිද උන් වහන්සේ පෙන්වා දුන්හ.

වර්තමානයේ සමාජය තුළ විශාල වශයෙන් අපහාස කිරීම්, නින්දා කිරීම් සහ හෙළා දැකීම් සිදුවන බව නිරීක්ෂණය වන බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.

මෙම අවස්ථාවට සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here