Home Local News Room : සියළු ආකාරයේ උද්දමනය නගී…

News Room : සියළු ආකාරයේ උද්දමනය නගී…

1
0

 

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2026 ජනවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව  කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය   2026  ජනවාරි මාසය සඳහා 2.3% ක් දක්වා වැඩි වී ඇත.  

එය 2025 දෙසැම්බර් මාසය සඳහා 2.1% ක් ලෙස වාර්තා වී තිබුණි.

2026  ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  3.3% දක්වා  වැඩි වී ඇති  අතර  2025 දෙසැම්බර් මාසයේ දී එය වාර්තා වූයේ 3.0% ක්  ලෙසයි.

එමෙන්ම, 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය)  1.8%  ක් ලෙස පැවති අතර,2026 ජනවාරි මාසය සඳහා ද එම අගය 1.8%ක් ලෙස නොවෙනස්ව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here