Home Local News Room : රතු වරෙන්තුකාරයෙක් කටුනායකින් ගෙනේ…

News Room : රතු වරෙන්තුකාරයෙක් කටුනායකින් ගෙනේ…

0
0

රතු නිවේදන නිකුත් කර තිබූ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ඉන්දියාවේ සිට ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් භාරයට ගැනීමෙන් පසු ස්ථානාධිපති කෙසෙල්වත්ත වෙත ඉදිරි විමර්‌ශන කටයුතු සඳහා භාර දෙන ලදී.

සැකකරු වයස අවුරුදු 34 ක් වන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුට එරෙහිව පහත අපරාධ චෝදනා සම්බන්ධව ගරු අධිකරණයන්හි නඩු පවරා ඇත.

  • 2015 වර්ෂයේදී කෙසෙල්වත්ත පොලිස් වසමේදී තියුණු ආයුධය වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම.
  • 2018 වර්ෂයේ කොටහේන පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සඳහා ආධාර අනුබල දීම.
  • 2021 වර්ෂයේදී මට්ටක්කුලිය පොලිස් වසමේදී තියුණු ආයුධ වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම.
  • 2021 වර්ෂයේදී කොටහේන පොලිස් වසමේදී ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීම.
  • කෙසෙල්වත්ත, වේල්ල වීදිය, බ්ලූමැන්ඩල් යන පොලිස් වසම්වලදී කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම.

සැකකරු සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාවගේ මෙහෙයවීම මත සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here