Home Local News Room : තොණ්ඩමන් සංකේත වතුකරයෙන් ගලවයි..

News Room : තොණ්ඩමන් සංකේත වතුකරයෙන් ගලවයි..

0
0

 

තොන්ඩමන්
නාමය සහ තොන්ඩමන් පදනම ඉවත් කිරිමට රජය නියෝජනය කරන ඇතැම් පාර්ශව කටයුතු කරන බවත්,
එම නාමය ඉවත් කිරිමට වතුකරයේ ජනතාව කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ලංකා කම්කරු කොංග්‍රසයේ
ජේෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් (24) දින හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින්
පැවසීය.

මෙම
මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වූ කනපති කනගරාජ් මහතා කියා සිටියේ (23) දින
පාර්ලිමේන්තුවේදි නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා සහ අම්භිගා
සාමුවේල් මහත්මියත් සැලසුම් සහගතව (23) දින පාර්ලිමේන්තුවට පැමිණ රම්බොඩ තොන්ඩමන්
වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයත් නෝර්වුඩ් නගරයේ පිහිටි තොන්ඩමන් ක්‍රීඩාංගණයේත් නම
වෙනස් කල යුතු බවට ප්‍රකාශ කල බවත්, වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදු කල
සර්වමූර්ති තොන්ඩමන් නාමය ඉවත් කිරිමට කිසිවෙකුටත් නොහැකි බවත්, එම නාමය ඉවත්
කිරිමට වතුකරයේ ජනතාව හෝ ලංකා කම්කරු කොංග්‍රසය කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි කනපති
කනගරාජ් මහතා කියා සිටියේ.

ජනාධිපතිවරයාට
ති‍බෙන ජනප්‍රියතාවය පදනම් කරගෙන එම නියෝජ්‍ය ඇමතිවරයා සහ මන්ත්‍රිවරිය
පාර්ලිමේන්තුව වෙත පැමිණි බවත්, එසේ පැමිණ වතුකරයේ ජනතාව වෙනුවෙන් කටයුතු කල
සර්වමූර්ති තොන්ඩමන් මහතාගේ නාමය හෝ තොන්ඩමන් පදනම ඉවත් කිරිමට උත්සහ නොකරන ලෙසයි
කනපති කනගරාජ් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here