පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ජී. කේ. ඒ. චමින්ද කුමාර කුලරත්න මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසිනි.
කෙසේ වෙතත් වැඩ තහනමට ලක්වූ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතාගෙන් නිදහසට කරුණු විමසා නැති නිසා ඒ ගැන අවධානය යොමුකිරීමේ අවශ්‍යතාවය ගැන මෙම උපදේශක සභාවේදී අදහස් පලව ඇත.
ඇතැම් වාර්තා පවසන්නේ කතානායකවරයාගේ පෞද්ගලික කාරණයක් නියෝජ්‍ය මහලේකම් විසින් හෙළිදරව් කර ඇතැයි සැකයක් මත මෙවැනි පියවරක් ගන්නට ඇති බවය.
කෙසේ නමුත් මෙම තීරණයට විරුද්දව නියෝජ්‍ය මහලේකම්වරයා නිතිය හමුවට යාමට තීරණය කර ඇතැයිද පැවසේ.







