Home Local News Room : මන්ත‍්‍රීලාගේ පෙන්ෂන් කපද්දි ජනාධිපතිට පෙන්ෂන් දෙකක් දාගෙන..

News Room : මන්ත‍්‍රීලාගේ පෙන්ෂන් කපද්දි ජනාධිපතිට පෙන්ෂන් දෙකක් දාගෙන..

1
0

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත තමන්ට විශ්‍රාම වැටුප් දෙකක් හිමි වෙන පරිදි සකස්කර ඇතැයි හිටිපු අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

“වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනතක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු එම පනත ගෙනැවිත් තිබෙන්නේ ඔහුගේ විශ්‍රාම වැටුප් දෙක ආරක්ෂා කර ගනිමින් බව පැහැදිලියි.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ නව පනතට අනුව ජනාධිපතිවරයා ලෙස දින පහක් සේවය කළත් ඔහුට ඒ සඳහා විශ්‍රාම වැටුප හිමි වෙනවා. ඊට අමතරව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස විශ්‍රාම ගොස් සිටින බැවින් ඒ විශ්‍රාම වැටුපත් ඔහුට හිමිවෙනවා.

මේ අනුව බලන විට විශ්‍රාම වැටුප් දෙක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට පමණක් නොව පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් සිට ජනාධිපති වූ සියලු දෙනාට හිමිවෙනවා.”

කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් විජයදාස රාජපක්ෂ මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here