11
පාකිස්තානයට ඉන්දීය හමුදා තොරතුරු ලබාදීමේ චෝදනාවට ‘Travel With Jo’ නමින් යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය ජෝති මල්හෝත්‍රා ඉන්දියාවේ හර්යානා හිදී අත්අඩංගුවට ගෙන තිබේ .
අනාවරණ වී ඇත්තේ, 33 හැවිරිදි ජෝති මල්හෝත්‍රා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරී ඉෂාන් අර් රහීම් සමඟ සම්බන්ධ වී අවම වශයෙන් දෙවරක් පාකිස්තානයට ගොස් ඇති බව යි.
කාශ්මීර්, පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූ ‘ඔපරේෂන් සින්දූර්’ වලින් පසුව, ඔත්තු බැලීම සහ ඉන්දීය හමුදාවේ සංවේදී තොරතුරු පිටකිරීමේ චෝදනාවට ඉෂාන් අර් රහීම් නීත්‍යානුකූල නොවන පුද්ගලයෙක් ලෙස ප්‍රකාශ කර පැය 24 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස දන්වා තිබේ.
එමෙන්ම, පාකිස්තානයට ඉන්දීය හමුදා තොරතුරු ලබාදීමේ චෝදනාවට 25 හැවිරිදි ශිෂ්‍යාවක්, 24 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙක් ඇතුළු තවත් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.









