Home World News Room : ජම්මු කාශ්මීරයේ දේශසීමාව ආසන්නයේ ආරක්ෂිත බංකර් වැඩි කරයි

News Room : ජම්මු කාශ්මීරයේ දේශසීමාව ආසන්නයේ ආරක්ෂිත බංකර් වැඩි කරයි

0
0

ජම්මු කාශ්මීර් ප්‍රාන්ත බලධාරීන් ඉන්දු- පාකිස්තානය ගැටුම් අතරතුර එම ප්‍රාන්තයට සිදුවූ හානිය තක්සේරු කරමින් සිටින බවත්, පාකිස්තාන ප්‍රහාරවලින් බලපෑම් එල්ල වූ දේශසීමාව ආසන්නයේ පිහිටි ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ප්‍රාන්ත මහලේකම් අතල් ඩුලෝ ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉදිරියේදී එල්ල විය හැකි ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ආරක්ෂක යටිතල පහසුකම් වැඩි කිරීමට පියවර ගන්නා බවත්, දේශසීමාව ආසන්නයේ පිහිටි බංකර් 9,500ට අමතරව තවත් බංකර් රැසක් ඉදි කිරීමේ අවශ්‍යතාව මතු වී ඇති බවත් ඔහු සඳහන් කර තිබේ. පාකිස්තාන හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ සිවිල් වැසියන් රැසක් තුවාල ලබා ඇතැයිද, ඔවුන්ගේ නිවාස මෙන්ම ගොවිතැන් ද විනාශ වී ඇතැයි ද මහලේකම්වරයා සඳහන් කළ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. පාකිස්තාන ප්‍රහාරවලින් වැඩිම හානිය සිදුවූ ඇත්තේ කුප්වාරා, ඌරි හා පූනච් වැනි දේශසීමාව ආසන්නයේ පිහිටි දිස්ත්‍රික්කවලට බවත්, එම දිස්ත්‍රික්කවල ආගමික ස්ථාන රැසක් ද විනාශයට පත්වී ඇති බවත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here