Home World News Room : බිලියන 1.6ක ජනතාව අනතුරේ හෙළන යුද්ධයකට ඉන්දියාව හා පාකිස්තානය...

News Room : බිලියන 1.6ක ජනතාව අනතුරේ හෙළන යුද්ධයකට ඉන්දියාව හා පාකිස්තානය සූදානම් නෑ

0
0

බිලියන 1.6කට වැඩි ජනතාව අනතුරට හේතු විය හැකි දරුණු යුද්ධයක් ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගත නොවන බව පාකිස්තානයේ අන්තර් සේවා මහජන සබඳතා ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ් ප්‍රකාශ කළ බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. යම්කිසි පාර්ශ්වයකට ඉන්දීය – පාකිස්තාන යුද්ධයක් අවශ්‍ය වන්නේ නම් සැබැවින්ම එය සමූල ඝාතනයකට හේතු විය හැකි බව ද ඔහු ප්‍රකාශ කර ඇතැයි ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය 6 සහ 7 දෙදින ඉන්දීය හමුදාව පාකිස්තානයට එල්ල කළ බියගුලු ප්‍රහාරයට පැහැදිලිව ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා 5ක් බිම හෙළූ බවත්, ජම්මු කාශ්මීරයේ ඉන්දීය බළසේනා මූලස්ථානය ඇතුළු මුරපොළවල් රැසක් විනාශ කළ බවත් ලුතිනන් ජෙනරාල්වරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව ඩෝන් පුවත් සේවය සඳහන් කළේය. පාකිස්තානය කිසි මොහොතක සටන් විරාමයක් යෝජනා නොකළ බව ද ඔහු සඳහන් කළ බව වාර්තා වේ. ඉන්දියාව ක්‍රියාත්මක කළ සින්දූර් මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානය බන්යාන් උම් මර්සූස් නමින් මෙහෙයුමක් ආරම්භ කර ඉන්දීය ඩ්‍රෝන 77ක් විනාශ කළ බවත්, සටන් විරාමයට එකඟතාව පළ කරනු ලැබුවේ ජාත්‍යන්තර මැදිහත්කරුවන්ගේ ඉල්ලීම සහ මැදිහත්වීම මත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here