Home World News Room : පාකිස්තාන දිගු දුර මිසයිලයක් ඉන්දීය ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් විනාශ...

News Room : පාකිස්තාන දිගු දුර මිසයිලයක් ඉන්දීය ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් විනාශ කළා

0
0

අමෙරිකාවේ මැදිහත්වීමෙන් සටන් විරාමයකට එළැඹීමට පැය කිහිපයකට පෙර පාකිස්තානය විසින් එල්ල කරනු ලැබූ මිසයිලයක් ඉන්දීය ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් විනාශ කරනු ලැබූ බවත්, එය එරට නවීනතම ෆටා 11 වර්ගයේ මිසයිලයක් බවත් ඊයේ ඉන්දීය තොරතුරු නිවේදන මධ්‍යස්ථානය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වසරේ මුල් භාගයේදී පාකිස්තාන දිගු දුර අවි ගබඩාවට ඇතුළත් කර ඇතැයි කියන එම මිසයිලය කිලෝමීටර් 400ක දුරකට එල්ල කළ හැකි ඉතා බලවත් මිසයිලයක් බව ද ඉන්දියාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

බැලැස්ටික් වර්ගයට අයත් එම මිසයිලයට අතිශය දරුණු විනාශයක් සිදු කිරීමේ හැකියාව ඇති බවත්, ඊට රේඩාර් හඳුනා ගැනීමේ පද්ධතිය හා බාධා කිරීම් මඟ හැර ඉලක්කය වෙත ගමන් කිරීමේ හැකියාව ඇති බවත් ඉන්දියාව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මිසයිලය එල්ල කරනු ලැබූ පසුගිය සෙනසුරාදාට පෙර රාත්‍රීන් දෙකකදී අඛණ්ඩව ජම්මු කාශ්මීරයේ සිට ගුජරාට් දක්වා පළාත තුළ ස්ථාන 26ක් ඉලක්ක කරමින් පාකිස්තානයෙන් ඩ්‍රෝන 300කට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බවත් ඉන්දීය තොරතුරු නිවේදන මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර ඇතැ‍යි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here