Home World News Room : අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දු-පාකිස්තාන සටන් විරාමයක්

News Room : අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දු-පාකිස්තාන සටන් විරාමයක්

0
0

අමෙරිකාවේ මැදිහත්වීමෙන් පසුගිය සෙනසුරාදා පස්වරුවේ දෙරටම එකඟ වූ සටන් විරාම ගිවිසුම ඊට පැය කිහිපයකට පසු උල්ලංඝනය කරමින් පාකිස්තානය ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට ප්‍රහාර එල්ල කළ බවට ඉන්දියාව චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දෙරට අතර දේශසීමා සටන් ආරම්භ වීමෙන් දින 4කට පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ගේ මැදිහත්වීම මත සටන් විරාම ගිවිසුමකට එළැඹී ඇති අතර, එම කාලය අතරතුර පාකිස්තාන හමුදාව අඛණ්ඩව ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට ප්‍රහාර එල්ල කළ බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

පාකිස්තාන හමුදාව සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය හමුදාවට ඊට ප්‍රතිචාර දැක්වීමට අවසර දුන් බවත් විදේශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පවතින තත්ත්වය මත බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පළාත් රැසක විදුලිය විසන්ධි කරමින් පූර්ණ ආරක්ෂක පියවර අනුගමනය කිරීමට ඉන්දියාව පියවර ගත් බව ද වාර්තා වේ. මේ පිළිබඳ පාකිස්තානය ප්‍රතිචාර දක්වා නැති අතර, පෙරේදා රාත්‍රි කාලයේ දෙරට අතර දේශසීමාවේ කිසිදු ගැටුමක් වාර්තා නොවූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

The post අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඉන්දු-පාකිස්තාන සටන් විරාමයක් appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here