Home World News Room : පකිස්ථානය ඉන්දියාවට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමක

News Room : පකිස්ථානය ඉන්දියාවට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමක

0
0

ඉන්දියාව එල්ල කළ ප්‍රහාරවලට පකිස්තාන හමුදාව විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමක් දියත් කල බව පකිස්තාන හමුදාව සදහන් කර ඇත.

පකිස්තානය මෙම මෙහෙයුම නම්කර ඇත්තේ ඔපරේෂන් බුන්යාන් මර්සූස් ලෙසයි.

පකිස්ථානය එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සියල්ල ව්‍යාර්ථ කල බව ඉන්දියා හමුදාව ප්‍රකාශ කර තිබේ. අද උදෑසන ඉන්දියාව මිසයිල භාවිතා කරමින් පකිස්ථානයේ ගුවන් කඳවුරු තුනකට පහර දුන් බවට චෝදනා කරමින් ඔපරේෂන් බුන්යාන් මර්සූස් දියත් කල බව පකිස්තාන හමුදාව සදහන් කර ඇත.

අද අලුයම් කාලයේදී ඉන්දියාව එල්ල කරනලදැයි පැවසෙන බොහෝ මිසයිල සිය ගුවන් ආරක්ෂක පද්දති මගින් විනාශ කර ඇති බව පකිස්තාන බලධාරීන් අවධාරණයකර තිබේ.

පකිස්ථානය විසින් දියත් කරන ලද ඔපරේෂන් බුන්යානුන් මාර්සූස් මගින් ඉන්දියාවේ හමුදා ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කර ඇති බව එරට හමුදාව පවසයි. ඉන්දියානු බ්‍රහ්මෝස් මිසයිල ගබඩා සංකීර්ණයටත්, පතන්කොට් ගුවන් තොටුපළ සහ උදම්පූර් ගුවන් හමුදා කඳවුරටත් පහර දුන් බව පකිස්තාන හමුදාව නිවේදන කොට තිබේ.

එමෙන්ම නවීන එස් 400 ගුවන් ආරක්ෂක පද්ධති කිහිපයක් විනාශ කිරීමට හැකිවූ බවත් ඉන්දියාවේ ප්‍රධාන වෙබ් අඩවි කිහිපයකටත් සයිබර් ප්‍රහාර එල්ල කර බවත් පකිස්ථානය පවසයි.

එස් 400 ගුවන් ආරක්ෂක පද්ධති විනාශ කර බවට නැගෙන චෝදනා අසත්‍ය බව ඉන්දීය හමුදාව සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සර් නගරයේ පියාසර කරන ලද සතුරු සන්නද්ධ ඩ්‍රෝන යානා කිහිපයක් ගුවන් ආරක්ෂක ඒකකය විසින් විනාශ කර ඇති බව ඉන්දීය හමුදාව පවසයි. එමෙන්ම ඉන්දියාවේ බටහිර දේශසීමාව ඔස්සේ පකිස්ථානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන යානා සහ මිසයිල විනාශ කළ බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා වල සදහන්වේ.

උග්‍රවන ඉන්දියානු පකිස්තාන අර්බුදය හේතුවෙන් පකිස්ථාන ගුවන් තොටුපළ අධිකාරිය රටේ ගුවන් කලාපය සියලුම ගුවන් ගමනාගමනය තාවකාලිකව වසා දැමූ බවට වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here