Home World News Room : ඉන්දු-පාකිස්තාන දේශසීමාවේ ගැටුම් දරුණු අතට – දිනමිණ

News Room : ඉන්දු-පාකිස්තාන දේශසීමාවේ ගැටුම් දරුණු අතට – දිනමිණ

0
0

ජම්මු කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය මුල් කරමින් ඉන්දීය ගුවන් හා යුද හමුදා ඒකාබද්ධව පාකිස්තාන කාශ්මීරයේ සිදු කළ ගුවන් ප්‍රහාරයත් සමඟ දෙරටේ දේශසීමා ආරක්ෂක හමුදා අතර වෙඩි හුවමාරුව දරුණු අතට හැරී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. පෙරේදා රාත්‍රියේදී අඛණ්ඩව වෙඩි හුවමාරු සිදුවී ඇති අතර, දේශසීමා යුදගැටුම් ඉහළ යෑමේ අවදානම මත ඒ අවට ප්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය ආහාර රැස් කිරීම සඳහා පෙළඹී ඇතැයි ද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන්දීය දේශසීමාව ආසන්නයේ පිහිටි පන්ජාබ් ප්‍රාන්තයේ පාසල් වසා දමා ඇතැයි ද, දැඩි අවධානයෙන් පසුවන ලෙස ඒ අවට රෝහල් වෙත පාකිස්තාන හමුදාවෙන් අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.

මේ අතර පාකිස්තාන හමුදාව දේශසීමා සටන් විරාමය කොන්දේසි උල්ලංඝනය කරමින් ජම්මු කාශ්මීරයේ දේශසීමා ගම්මානයකට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සිවිල් වැසියන් ඉලක්ක කරගත් එම ප්‍රහාරවලින් නිවාස රැසක් විනාශයට පත්වූ බවත්, ගම්වාසීන් නිවාස අතහැර පලා ගොස් ඇති බවත් ජම්මු කාශ්මීර් බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here