17
ශ්‍රී ලංකා මාස්ටර්ස් හොකී සංගමය සංවිධානය කළ ජාත්‍යන්තර මාස්ටර්ස් හොකී තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා මෙරූන්ස් කණ්ඩායම සමත් විය. කොළඹ කෘත්‍රිම හොකී පිටියේ විදුලි ආලෝක ධාරා මැද පැවති අවසන් මහා තරගයේදී ගෝල් 4-1ක් ලෙස ඩුබායි මාස්ටර්ස් හොකී කණ්ඩායම පැරදවීමට මෙරූන්ස් කණ්ඩායමට හැකි විය.
ශ්‍රී ලංකාවේ මුල්වරට විදුලි ආලෝක ධාරා මැද පැවති මේ හොකී තරගාවලියට ඉන්දියාව, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව සහභාගි විය. අවසන් තරගයේ වීරයා ශ්‍රී ලංකා මෙරූන්ස් කණ්ඩායමේ හරේන්ද්‍ර ධර්මරත්න සම්මාන දිනාගත් අතර, සාන්ත තෝමස්, ආනන්ද, සාන්ත ජෝසප්, මියුසියස්, විශාඛා සහ ජනාධිපති යන විදුහල්වලට හොකී භාණ්ඩ ප්‍රදානයක් ද මෙහිදී සිදු කෙරිණි.







