Home Politics News Room : මාලිමාව එක්ක තරහ වෙලා ඡන්දය නොදී ඉන්න එපා –...

News Room : මාලිමාව එක්ක තරහ වෙලා ඡන්දය නොදී ඉන්න එපා – හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ

0
0

මාලිමාව සමඟ අමනාප වී කිසිම පක්ෂයකට ඡන්දය නොදී ඉන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ, පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් ඇතුළු පාක්ෂිකයන් දැනුම්වත් කිරීමට ගාල්ලේදී පැවැති රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙලෙස ද කීවේය.

“බලය වැඩි කොටසට නායකත්වයත්, ඊළඟ කොටසට නියෝජ්‍ය නායකත්වයත් ලබාගත හැකියි. මේ ඡන්දය පාර්ලිමේන්තු හෝ ජනාධිපති මැතිවරණයක් නොවෙයි. ගමේ වැඩ ටික කරවා ගන්න හැකි නියෝජිතයන් පිරිසක් ගමේ පාර්ලිමේන්තුවට පත්කර ගැනීමටයි මේ ඡන්දය පවත්වන්නේ.

පසුගිය මැතිවරණවලදී මාලිමාවට රැවටී ඡන්දය දුන් බොහෝ පිරිසක් අද ඉන්නේ කම්පාවට පත්වෙලා. මම ඒ අයගෙන් ඉල්ලා සිටින්නේ මාලිමාව සමඟ තරහ වෙලා කිසිම කෙනෙක් ඡන්දය නොදී නම් ඉන්න එපා කියලයි. ඒ අයට වෙනත් පක්ෂයකට ඡන්දය දෙන්න පුළුවන්. ඒත් බැරි නම් ස්වාධීන කණ්ඩායමකට වුණත් ඡන්දය දෙන්න පුළුවන්. ඒ නිසා කාට හෝ ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටිනවා. මතක තියාගන්න මේ වන විට මේ සඳහා සිටින හොඳම කණ්ඩායම තමයි එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම කියන එක.

පසුගිය කාලයේ මාලිමාවත් ඇතුළුව සියලුම පක්ෂ තීරණය කළා ගෝල්ෆේස් එක කිසිම දේශපාලන කටයුත්තකට දෙන්නේ නෑ කියලා. මේ මැයි පළමු වෙනිදා මුළු දවසම ජනතාව අමතන්න බලය අපට ලැබෙනවා. අන්න එය උපයෝගී කරගෙන එදින මුළු දවස පුරාම හැම ගමකම ජනතාව හමුවී මේ තත්ත්වයන් පැහැදිලි කර දෙමින් අපට බලය ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.”

හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, මනූෂ නානායක්කාර සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

ගාල්ල දිසා සමූහ නන්දසිරි වැලිගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here